සුදුළූණු වංචාවේ තවත් සැකකරුවක් අත්අඩංගුවට

0
326

ලංකා සතොස සමාගමේ සිදුවූ සුදුළූණු වංචාවට අදාළව තවත් සැකකරුවක් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොහු ලංකා සතොසෙන් වංචනික ලෙස සුදුළූණු මිලදී ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම ආයතනයට රුපියල් 11,719,520 වංචා කිරීම සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීම, සොර බඩු සන්තකයේ තබා ගැනීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී ඇති අතර සැකකරු අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here