Monday, November 25, 2024

දිලිත්ගේ පත්තරේ ගැන පොලිස් පරීක්ෂණ

සති අග අරුණ පුවත්පත් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

ඉන්දියානු පොහොර ගෙන්වීමට කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කරන ලෙස සති අග අරුණ පුවත්පත් වාර්තා කර තිබුණි.

මෙම වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම පුවත් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ලේකම්වරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.

මෙම පරීක්ෂණය සදහා සියලුම පාර්ශවයන් කැදවන ලෙසද ජනාධිපති ලේකම්වරයා ඉල්ලා තිබේ. සති අග අරුණ පුවත්පත් දිලිත් ජයවීරට අයත් ලිබර්ටි පබ්ලිකේශන් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන පුවත්පතකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles