ඉතාලිය⁣ට සහ මියන්මාරයට නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක්

0
288

ඉතාලිය සහ මියන්මාරය සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාද , මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති  ලෙස ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබ ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

කලක් තිස්සේ පුරප්පාඩුව පැවති එම තානාපති ධූර සදහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත විදේශ අමාත්‍යාංශය කළ මෙම ප පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ⁣ද මේ වනවිට ලැබී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික  විද්‍යාව පිලිබද ජ්‍යෙෂ්ඨ   කථිකාචාර්ය වරයෙකු ද වන ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා  මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබිණි.

තානාපති ධුරය බාර ගැනීමට පෙර ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ද , කලකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙසද කටයුතු කළේය.එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීම සදහාද හෙතෙම සිය දායකත්වය දැක්වූ අයෙකි.

මේ අතර මියන්මාරයේ ශ්‍රි ලංකා තානාපති ලෙස පත් කළ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මේ වනවිට  දැනට නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවනු ලබයි.ඔහු මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙසද කලක් සේවය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here