SLIIT ආයතනය පෞද්ගලික භුක්තිය සඳහා යොදා ගනී

0
314

මාලඹේ උසස් තාක්ෂණ ආයතනය සහ එය පිහිටි අක්කර 25ක ඉඩම එහි පරිපාලනයට පත්කර සිටි තිදෙනකු විසින් පෞද්ගලික භුක්තිය සඳහා අත්පත්කරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

09 වන පාර්ලිමේන්තුවේ පළමු හා දෙවන කෝප් කමිටු වාර්තාව පිළිබඳ ඊයේ (22) පැවති පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා,

“මාලඹේ පිහිටි මේ ස්ලිට් ආයතනය රජය සතු ආයතනයක්. සංස්ථාපනය කරලා පනතක් පිහිටුවන තුරු පොඩි කොම්පැනියක් දැම්මා. අද වෙනකොට රජයට අයිති නැති, පාර්ලිමේන්තුවට අයිති නැති තත්ත්වයට ගෙනත්. එදා මේකට දාපු තුන්දෙනෙක් අද මේ ආයතනයේ ප්‍රධාන අයිතිකාරයෝ තුන්දෙනා බවට පත්වෙලා. මේක බරපතළ වැරැද්දක්. සියලුදේවල් සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ ආයතනය රජයට අයිති නෑ කියලා 2017 ජුනි 28 වනදා ගහලා තියෙන ගැසට් එක ආපසු කැඳවීම රාජ්‍ය පැත්තෙන් කළ යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here