බඩු මිල අඩු කරන්න දන්න කෙනෙක් මට කියන්න – බන්දුල ගුණවර්ධන

0
318

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

”චීනය කියන ලෝකයේ විශාලතම රටක දවස් 5ක් වැඩ කරන රටේ එක් දවසක් නම්, විවෘත කරලා තියෙන්නෙ ඓතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා ලෝකෙ, අපිටත් විවිධ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ, චීනයෙන් එතකොට අපිට අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් සමහර කර්මාන්ත පවත්වා ගෙන යන්න බැරි වෙනවා”

මෙය ලෝකයේ පවතින අලුත් ම අභියෝගය බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ, ලෝකයේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේදී ශ්‍රී ලංකාව තුළ එය පාලනය කිරීමට ක්‍රමවේදයක් දන්නා කෙනෙකු සිටී නම්, තමා වෙත යොමු කරන ලෙසයි.

”කවුරුහරි කියනවා නම්, මෙන්න මේකයි ලෝකෙ ඛනිජ තෙල් වැඩි වෙන එක ,ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකයේ ගෑස් මිල 130 %කින් වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් එයාට මාව හම්බුවෙන්න කියන්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here