ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රිත පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් හෝ නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ අද (23) තිස්සමහාරාමයේ බඳගිරිය ප්‍රදේශයේ වැඩසටහනක් අතරතුරදීය.
එමෙන්ම මෙම වංචාව පිලිබදව වහාම අපක්ෂපාතී, විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින වංචනිකයින් හෙළිදරව් කළයුතු බවත් ජනතාවගේ මුදල් සමග කරන සෙල්ලම නතර කළයුතු බවද ඔහු පැවසීය.
වර්ථමාන ආණ්ඩුව රටේ ජනතාව ලබාදුන් ඡන්දයේ වටිනාකම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් පැවසු ඔහු සඳහන් කරනුයේ රටපුරා පවතින ජනතාවගේ උද්ඝෝෂණ දේශපාලන උසිගැන්වීම්වල ප්‍රතිඵල නොවන බවය.