ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ඉන්දීය එකගතාවයක්.

0
345
Boys sit on a piece of styrofoam sheet as they search for crabs in front of the Gwadar port, Pakistan April 11, 2017. REUTERS/Akhtar Soomro

ඇෆ්ගනිස්තානය කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සදහා යොදාගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවට බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අවධාරණය කරයි.

බ්‍රිතාන්‍යය විදේශ ලේකම් එළිසෙබත් ට්‍රස් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් අතර පැවති සාකච්ඡාවකින් පසුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

ඇෆ්ගනිස්තානය, ත්‍රස්තවාදීන් පුහුණුකිරීම, ඔවුන්ට පහසුකම් සැපයීම සහ වෙනත් රටවල් සදහා ප්‍රහාර එල්ල කිරීමට යොදා නොගත යුතු බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඉන්දියාවේ සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරිය සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලදී ඉන්දු පැසිෆික් කලාපයේ අන්තවාදය පාලනය කිරීම,ත්‍රස්තවාදය පාලනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here