පාසැල් දරුවන්ට ටැබ් දීමෙන් ආයු අපේක්‍ෂාව අඩු වෙනවා – පාදෙණිය

0
319

උපතේදී ආයු අපේක්ෂාව වයස අවුරුදු 95ක් වූ හයිටි රාජ්‍යයේ එය පහත හෙළීම සඳහා උපක්‍රම තුනක් භාවිතර කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.


දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පුරුදු කිරීම, පාසල් දරුවන්ට ටැබ් ලබා දීම සහ ආහාර සංස්කෘතිය වෙනස් කිරීමට එම ක්‍රම තුන බවද ඔහු පැවසීය.
මෙම තත්ත්වය මත අද වන විට හයිටි රාජ්‍යයේ උපතේ ආයු අපේක්ෂාව 45 දක්වා පහළ බැස ඇති බවද ඔහු පැවසීය.


කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


රසායනික පොහොර ඉල්ලමින් විරෝධතා කරන අයට රසායන පොහොර සමග වකුගඩුවක්ද දීමට සිදුවනු ඇති බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here