Tuesday, September 24, 2024

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සුපිරි 12 වටයේ ක්‍රිකට් ගැටුම අද

සුපිරි වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය බංග්ලාදේශය සමඟ සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්ව තිබේ.ඒ නෙදර්ලන්තය, අයර්ලන්තය සහ නැමීබියාව පහසුවෙන් පරාජය කරමින්ය. අවසන්වරට පැවති තරඟයේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 44කට දවාලීමට ශ්‍රී ලංකාව සමත් විය.


අනෙක් අතට බංග්ලාදේශය ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 6ක පරාජයක් ලබමින් තරඟාවලිය ආරම්භ කල නමුත් පසුව ඕමානය සහ පැපුවා නිව්ගිනියාව පරාජය කිරීමට සමත් වුනි.2007 වසරේ සිට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන තරගාවලියේදී කිසි දිනෙක එකිනෙකා මුණ ගැසී නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles