Tuesday, September 24, 2024

රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධූරයෙන් ඉවතට

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලුරේ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

අද (24) දිනයේ පක්ෂ මූලස්ථානයේ පැවත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු එම තීරණය ගෙන තිබේ.

තවදුරටත් පැවැත්වෙන රැස්වීම අවසානයේ දී පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබෙන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles