තලේබාන්ලා හසාරා-ෂියා සුලුතරය පළවා හරිති

0
351

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ සුලුතර ප්‍රජාවක් වන හසාරා ෂියා මුස්ලිම්වරුන්ව පළවා හරමින් සිටින බව වාර්තා වේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරන්නේ, ප්‍රාන්ත ගණනාවක හසාරා ෂියාවරුන්ව ඔවුන් පදිංචිව සිටි ඉඩම්වලින් පළවා හැර ඇති බවයි.

එම ඉඩම් තලේබාන් හිතවාදී පෂ්තුන්වරැන්ට ලබාදෙන බව ද පැවසේ.

දකුණු හෙල්මාන්ඩ් ,උතුරැ බල්ක්හ්, ඩයිකුන්ඩි ,උරුස්ගාන් සහ කන්දහාර් ප්‍රාන්තවල මෙවැනි පළවා හැරීම් බහුලව වාර්තා වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

තලේබාන් සංවිධානයේ බහුතරය, පෂ්තුන්වරුන්ගෙන් සමන්විත වන අතර, ඇෆ්ගනිස්තානයේ සුලුතර ප්‍රජාවක් වන හසාරා ෂියා මුස්ලිම්වරුන්ව ඔවුන් සළකනු ලබන්නේ මුස්ලිම් නොවන ජන කොට්ඨාසයක් ලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here