කොවිඩ් එන්නත් මිශ්‍රණයෙන් වැඩි ප්‍රතිඵල

0
305

එන්නත් වර්ග මිශ්‍රවීමෙන් ෆයිසර් හෝ මොඩර්නා වැනි එම්.ආර්.එන්.ඒ. එන්නත්වලටත් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනගන බව නව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා පවසයි.

නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ද එන්නත් මිශ්‍ර කිරීමෙන් ඉහළ ප්‍රතිශක්තියක් සැළසෙන බව ජර්මනියේ සාලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥවරියක වන මාටිනා සෙස්ටර් ප්‍රකාශ කර ඇත.

නව දත්තවලට අනුව සම්මත කොරෝනා එන්නත්කරණය හෝ ඒවා මිශ්‍ර කිරීම තුළින් ඉහළ ශඛ්‍යතාවක් ඇතිවන බව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆඩ් සරසවියේ වෛරස් විද්‍යාඥ මැතිව් ස්නේප් ද සඳහන් කර තිබේ.ඔක්ස්ෆඩ් සරසවිය මෙන්ම ජර්මානු විශ්වවිද්‍යාලය ද මෙලෙස එන්නත් මිශ්‍රකරණය සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදුකර ඇති බව වන්දිම ජීවන්දර මහතා සදබන් කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ගොඩනැගෙන ප්‍රතිශක්තිය පිළිබඳව එහිදී විශේෂයෙන් අවධානය යොමුව තිබේ.

මෙම නව අධ්‍යයනය පිළිබඳව සටහනක් තබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ මෙලෙස එන්නත් මිශ්‍ර කිරීමෙන් එම්.ආර්.එන්.ඒ. එන්නත් අභිබවා කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව මෙලෙස වාර්තාවන්නේ ප්‍රථම වතාවට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here