ඩෙල්ටා ‘ප්ලස්‌’ මෙරටට පැමිණීමේ අවදානමක්‌ !

0
305

ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදයේ අනු ප‍්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.

ඩෙල්ටා පලස් ගමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඩ් ප‍්‍රභේදයක් මෙරටට පැවරීමේ බැරිකමක් නැතැයි පැවැසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එය තීරණය වන්නේ සංචරණය මත යැයිද පැවසීය.

මෙම ප‍්‍රභේදය හෝ මෙවන් ප‍්‍රභේදයක් මේවා පැවතියද ජනතාව සෞඛ්‍ය පුරුදු හා උපදෙස් නීති පරිදි පිළිපදින්නේ නම් එය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයිද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

දකුණු අපි‍්‍රකාවේ පැතිර ගිය කොවිඩ් ප‍්‍රභේද මෙරටට නොපැමිණි බවත්, ඒ වගේ මෙම ප‍්‍රභේදයේ මෙරටට පැමිණීමට හා නොපැමිණීමට පුළුවන් බවත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here