දිනෙන් දිනම රට ප්‍රපාතයට ඇද වැටෙමින් තිබෙන බවත් රට ගොඩනැගීම සඳහා රජයට කිසිදු උවමනාවක් හෝ අවශ්‍යතාවයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරනුයේ රට ගොඩනැගීම සඳහා දැන් ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ බවයි.
කරන්දෙණියේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.
“අද රට වටෙන්ම පොහොර ඉල්ලලා ගොවි උද්ඝෝෂණ, පොහොර නැතිව ගොවියන්ට වගාව ගෙනියන්න විදිහක් නෑ. එතකොට වෙන්නේ පිටරටින් සහල් ආනයනය කරන්න. සහල් ආනයනය කරන්න කෝ ඩොලර්. දැන් රටේ ඩොලර් නැහැ රට වැටී තියෙන මේ තත්වයෙන් ගොඩ ගන්න රජයට කිසිම උවමනාවක් නැහැ ඒ සදහා ස්ථීර වැඩපිළිවෙලක් ඇත්තෙත් නැහැ.
අද රට දිනෙන් දිනම කඩාගෙන වැටෙනවා. අද වෙනකොට රට එන්න එන්නම ප්‍රපාතයට යනවා මෙහෙම රට කඩාගෙන වැටුනොත් ආයේ ගොඩ ගන්නවා බොරුයි.”
දැන් නම් මේ රට ගොඩ ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි ඒ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. කලගුණ දන්න ගුරුවරුන් ඉන්නවානම් රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්තූරයට පහනක් දල්වා ආශීර්වාද කල යුතු යැයිද ඔහු පැවසීය.