පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි .මීට ප්‍රථම දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කෙරුණු අතර අද දිනයේ සමස්ත පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්විය.
අද රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී ඇති බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දහම් සිරිසේන මහතා කියා සිටියා.එවැනි වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා .
“තරුණයින්ට රැකියා ප්රශ්නය විශාල ප්‍රශ්නයක් වෙලා තියනවා වගේම රැකියා අහිමි වෙච්ච විශාල තරුණ පිරිසක් අද රටේ ඉන්නවා. අද රටේ මූලික අවශ්‍යතා පවා ඉටුකරගන්න බැරි තත්වයක් තමයි රටේ පෙන්න තියන්නේ.
ඉතිං අපි කොහොමද තරුණයින් විදිහට මේ රට සාර්ථක කරගන්න ඉදිරියට ගෙනියන වැඩපිලිවෙල මේ සියළු ප්‍රශ්ණ, කරුණු කාරණා එක්ක අද බොහෝ පිරිසක් රට අතහැරලා දාල යන තත්ත්වයක් තමයි තියන්නේ.
අපේ දේශපාලන ක්‍රමය ගැන අපි නැවත විශ්වාදයක් ඇති කල යුතුයි. මේ රටට දීරඝ කාලීන නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන මතය තමයි මම දරන්නේ. එවැනි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න නම් තියන එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම එයට අවශ්‍ය පරිණත නායකත්වට තියන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි. ඒ වගේම මම කියන්න කැමතියි පොළොන්නරු දිස්ත්‍රික්කය සහ පොළොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවත කියුවොත් නිවැරදියි. ඒ නිසා මම පොළොන්නරුවේ ඉපදිච්ච කෙනෙක් විදිහට මට දැඩි විශ්වාසයක් තියනවා මට යුතුකමක් හා වගකීමක් තියනවා පොළොන්නරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ නිසා ඉදිරියේදී ඕනෑම අභියෝගයකට මම පොළොන්නරු ජනතාව වෙනුවෙන් මුහුණ දෙන්න සූදානම්”
එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොලොන්නරුවේ ජනතාව යනු තම පියාගේ හදවත බවත් ඉදිරියේදී පොළොන්නරු දිස්ත්‍රික්කයට මෙන්ම පොලොන්නරුව ජනතාවට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කර සිටියා .