රන්ජන් රාමනායකගේ ජීවිතයට තර්ජනයක්

0
350

දැනට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජනප්‍රිය නළු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් වන අන්දමේ කටයුතු සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා කියයි.ඔහු පවසනුයේ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ තමන්ට විශේෂ ප්‍රකාශයක් කිරීමට ඉඩ දෙන ලෙස රන්ජන් රාමනායක මහතා කළ ඉල්ලීමෙන් පසුව මෙම තත්වය උද්ගත වී ඇති බවකි. පසුගිය කාලයේ රන්ජන් රාමනායක මහතාට ප්‍රතිකාර පිණිස අධිවේගී මාර්ගය ඔස්සේ කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇතත් දැන් එම ගමන ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිව සාමාන්‍ය මාර්ගය ඔස්සේ සිදු කිරීම බරපතල සැකයට තුඩු දෙන්නක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here