තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්

0
345

ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට ලංකාව පත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මුළු ලෝකයේම රටවල් තෙල් මිල වැඩි කර තිබියදී ශ්‍රී ලංකාවේ විතරක් එසේ නොකර සිටින්නේ ජනතාව දුක් විඳින දුක ආණ්ඩුවට තේරෙන නිසා බවද ඔහු පැවසීය.

රට තුළ ඉන්ධන නැති බවත් නුදුරු දිනෙක තෙල් මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් ද නැති බවත් ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here