Saturday, November 16, 2024

පාදෙණියගේ බොරු මාට්ටු වෙයි

පසුගිය දා ජනාධිපතවරයා සමග පැවති සාකච්චාවකදී වෛද්‍ය පාදෙනිය මහතා පැවසුවේ හයිටියේ රාජ්‍යයේ පාසල් දරුවන්ට ටැබ් ලබාදීම නිසා එරටෙහි දරුවන්ගේ ආයු කාලය අවුරදු 95 සිට 45 දක්වා පහත වැටි ඇති බවකි.

එම රාජ්‍යය ලංකාවට වඩා දුප්පත් රටක් වන අතර පසුගිය දශක කිහිපය තුල දරුනු සිවිල් යුද්ධයකට මුහුන දී තිබෙන රටකි.

එම රටෙහි මිලියන 11 ක් පමන ජනතාවක් ජීවත්වන අතර එරටෙහි වාර්ශික ඒක පුද්ගල ආදායම් ඇ.ඩො. 2800 කි. ශ්‍රි ලංකාවේ එය ඩොලර් 4000 කට ආසන්නව පවති.

හයිටි රාජ්‍යයෙහි 1970 වර්ශයේදි පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයුකාලය වසර 46 ක් වූ අතර වර්තමානයේ ආයුකාලය වසර 64 ක් දක්වා ඉහල ගොස් ඇත.

එමෙන්ම හයිටි රාජ්‍යයෙහි ලියවිම සහ කියවිමේ හැකියාව එනම් සක්ෂරතාවය 61%කි. එය අපේ රටෙහි 91.7 % කි. 

පාදෙනිය මහතා හයිටි රාජ්‍ය ලංකාවට උදාහරණයක් ලෙස පෙන්වන්නේ එම රාජ්‍ය සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව බව හයිටි රාජ්‍ය ගැන හැදාරිමෙන් පෙනියයි.

එමෙන්ම මෙරටේ ආරක්ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමානයක් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයෙහි සේවය කල අතර එරටෙහි ජනතාව සම්බන්ධයෙන් ඔහුන් ඉතා හොදින් දනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles