කොළඹ වරාය බලා පැමිණ තිබෙන කාබනික පොහොර තොගයක් රැගත් චීන සමාගමක නෞකාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.
අහිතකර කාබනික ද්‍රව්‍ය අඩංගු යයි හෙළිවීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පොහොර මෙට්‍රික් ටොන් විස්සක් විසි දහසක් සහිත නෞකාව පිළිබඳව කළ ප්‍රශ්න කිරීමදී ඔවුන් මේ බව පවසා ඇත.
කෙසේ වෙතත් මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු වීමෙන් පසු චීන තානාපති කාර්යාලය ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ අහිතකර බැක්ටීරියා අඩංගු යැයි චෝදනාවක් පිළිගත නොහැකි බවත් ඒවා තම පරීක්ෂණාගාර වාර්තාවලින් සමත් ඒවා බවත්ය.
පොහොර තොගය ආපසු හැරවීම දෙරට අතර මිත්‍රත්වය බලපෑම ඇති කරවනු ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබිණි.