අමාත්‍යාංශයේ වැඩ කරන්න රාජ්‍ය නිලධාරින්ට ඉඩ මදි නිසා තම කාර්යාලයේ කොටසක් ඇමති සුදර්ශනි දෙයි

0
300

සිය අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් සිය කාර්යාලයේ කොටසක් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් වෙන්කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කර ඇති බව වාර්තාවේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලැබූවද, අමාත්‍යංශ කාර්ය මණ්ඩලයට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට සිය රාජකාරී කටයුතු ඉටුකිරීමට ප්‍රමාණවත් ඉඩපහසුකම් ලැබී නැත. දැනට සීමිත පිරිසකගේ සේවය රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු සඳහා යොදාගැනීමට කටයුතු කර තිබුණද ඔවුන්ටද ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් සිය කාර්යාලයේ කොටසක් අමාත්‍යවරිය රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එසේ වෙන්කොට ඇත. සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ටද ඉඩපහසුකම් නොමැතිව සිටින මොහොතක වුවද අමාත්‍යවරිය විසින් තම කාර්යාලයේ කොටසක් රාජ්‍ය නිලධාරීන්ට වෙන්කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here