එන්නත් නොගත් පුද්ගලයින්ට තවත් අවස්ථාවක්

0
277

තුන්වැනි මාත්‍රාව ලබාදීම නොවැම්බර් පළමු වැනිදා සිට ආරම්භ කෙරුණ ද, මෙතෙක් එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකුට පළමු සහ දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊයේ (25) අලුයම මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් මාත්‍රා 305,370ක තොගය මේ වන විට කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත ගෙන ගොස් තිබෙනවා.

ඊයේ අලුයම එම එන්නත් තොගය රැගෙන එනු ලැබුවේ කටාර් ගුවන් සේවයට අයත් යානයකිනි.

මේ අතර ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ තුන්වන මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණද දෙවන සහ පළමු මාත්‍රා තවදුරටත් හැකියාව පවතින බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හැකි පළමු අවස්ථාවේදීම සුදුසුකම් සපුරා ඇත්නම් එන්නත් ලබාගැනීමට යොමුවන ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here