රටේ ඇත්තේ වියත් ආණ්ඩුවක් නොව විපත් ආණ්ඩුවක්

0
273

දේශප්‍රේමය,ජාති ආලය යනාදී සියල්ල  ඩොලර් කුට්ටි අබියස සුනු විසුනු වී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව විදේශීය සමාගම් ඉදිරියෙත් දණින් වැටී ඇතැයි පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) අම්බලන්තොට සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

එය සංවිධානය කොට තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ත්‍රීසිංහ ගාමිණී මහතා විසිනි. එම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

අද වන විට ජනතාව මුහුණ දෙන සියලු ප්‍රශ්නවල නිර්මාණකරුවා වන්නේ ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුවේ අන්තනෝමතික ලෙස කටයුතු කිරීමෙහි ප්‍රතිඵල ජනතාවට විඳින්නට සිදුව ඇතැයිද පැවසීය.

මේ රටේ අහිංසක ගොවිජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රමිතිගත පොහොර බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව පොහොර ඛේදවාචකයක් නිර්මාණය කොට ඇතැයි ද,මේ පොහොර වංචාවට හවුල් වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනැවිත්  මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීම සමගි ජන බලවේගය බාරගන්න බවද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here