‘‘ස්ලිට්‘‘ යළි මහපොළ අරමුදලේ පාලනයට

0
430

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ අරමුදලේ පාලනයට යළි ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී රැස්වූ අවස්ථාවෙිදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු ආයතනය පුද්ගලයන් කිහිපදෙනකු හොර රහසේ සිය පාලනයට ගෙන ඇති බවට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවක් පක්ෂ රැස්වීමේදී ප්‍රශ්න කර ඇති අතර,ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here