ඊයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණ සාර්ථකයි

0
320

ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳන ලෙස ඉල්ලා රටපුරා ස්ථාන 300 කදී සංවිධානය කළ උද්ඝෝෂණ මාලාව අති සාර්ථකව පැවැත්වුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (25 වැනිදා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී පැවැසීය.

ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර, මේ හේතුවෙන් කොළඹ කොටුව ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා ,
‘‘ගුරුවරු පාසලේ ඉගැන්වීම් කටයුතු කරන්නේ උදේ 7.30 ඉඳලා 1.30 දක්වා පමණයි. සෙනසුරාදා, ඉරිදා සති අන්ත, පෝය නිවාඩු කිසිම දවසක අපි වැඩ නැහැ. රාත‍්‍රී කාලයේ ගුරුවරු විදුහල්පතිවරු දුරකථන විසන්ධි කරගන්නවා. කාර්යාල දුරකථන රාජකාරි පමණයි අපි කටයුතු කරන්නේ. හවස් වරුවේ අධ්‍යාපන කාර්යාලවල තියෙන රැස්වීම් සියල්ල අපි වර්ජනය කරනවා. අපි කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here