බීමත් DIG පුද්ගලයෙකුට පහර දෙයි

0
399

මෝටර් රථයකින් මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු නවතා ඔහුට පහර දෙන පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

රත්නපුර කිරිඇල්ල මාර්ගයේ දී මෙම සිදුවීම සිදුව ඇත.

මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා ඔහුට පහර දෙමින් පොලිස් ජිප් රථයෙන් ඔහු රැගෙන යාමට අදාල ඉහළ පොලිස් නිලධාරියා උත්සාහ දරයි.

එම පුද්ගලයා පවසන්නේ පොලිස් නිලධාරියා බීමතින් සිටින බවය.

වාර්තාවන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධ වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතායි.

අද පෙරවරැවෙි මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මුලස්ථානය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here