නැනෝ නයිට්‍රිජන් පොහොර ආනයනයේදී වංචාවක් සිදුවී නෑ – සම කැබිනට් ප්‍රකාශක

0
299

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ආනයනයේදී වංචාවක් සිදුව නැතැයි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පිළිබඳ දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර එම පරීක්ෂණවල ප්‍රගතිය අනුව ඉදිරියේදී සියලුම කරුණු ඉතාම විනිවිද පෙනෙනසුළු ආකාරයෙන් රටට හෙළිකෙරෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම මෙම පොහොරවල මිල ගණන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ප්‍රකාශ කරන කරුණු නිවැරදි නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කිසියම් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නොමැති නමුත් දැනටමත් විවිධ පාර්ශ්ව පැමිණිලි ඉදිරිපත් කර ඇති නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ සහ තොරතුරු ඉදිරියේදී රටට පැහැදිලිව හෙළිවනු ඇති බවයි.අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here