මඩු රක්ෂිතයත් වනසයි – පර්චස් 80බැගින් ජනතාවට

0
633
මන්නාරම මඩු රක්‌ෂිතයේ විශාල කොටසක්‌ වනසාදමමින් එක්‌ පවුලක්‌ සඳහා පර්චස්‌ අසූව බැගින් ඉඩම් බෙදා දීමට මන්නාරම දිසාපතිවරයා පියවර ගෙන තිබේ.

ජල ගැලීම්වලට ලක්‌වන ප්‍රදේශයක පදිංචිව සිටි දෙමළ පවුල් තුන්සියක්‌ පමණ මේ වනවිටත් එම රක්‌ෂිතයේ පදිංචි කරවීමට පියවර ගෙන ඇත.

එම පදිංචි කිරීම් හේතුවෙන් මඩු රක්‌ෂිතයේ පිහිටි විශාල ගස්‌ කපා දමා කැලෑව එළි කර තිබෙන අයුරුද එහි ගිය අපට දැක ගැනීමට ලැබිණි.

මන්නාරම මඩු පාර දෙකේ කණුව ප්‍රදේශයේ මෙම වන විනාශය සිදු වෙමින් පවතී.

යුද්ධය හේතුවෙන් අවතැන් වූ තමන්ට ඉඩම් ලබා දීමේදී ප්‍රදේශයේ ළඳු කැලෑ සහිත ස්‌ථානවලින් පර්චස්‌ දහයක ප්‍රමාණයක්‌ ලබාදෙන ලෙස ඉල්ලීම් කළද එය ප්‍රතික්‍ෂේප කරන දිසාපතිවරයා අදාළ රක්‌ෂිතයේ ඉඩම් ලබාගන්නා ලෙස බල කරමින් සිටින බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් මන්නාරම දිසාපති දේශප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී අවතැන් වූවන් පදිංචි කිරීමට ප්‍රදේශයේ වෙනත් ඉඩම් නොමැති බවත් වෙන්කර ඇත්තේ මඩු රක්‌ෂිතයට අයත් අදාළ කොටස්‌ බවත් හෙතෙම පැවැසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here