හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිලිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්මා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.
අද (26) කොළඹ පැවති වැඩසටහනකදී පොහොර තොගය යළි පරික්ෂා කරන්න යැයි චීනය ඉල්ලීමක් කලේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා අපි කෙලින්ම කිව්වා. ඒක මෙහෙ බාන්නත් එපා. මෙහෙ ගේනන්ත් බෑ කියලා, ඔවුන් ඉල්ලීමක් කළා ලොව පිළිත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකෙ ප්‍රමිතිය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න කියලා”