මහබැංකු අධිපතිට පුළුල් කැබිනට් ඇමති බලතල හිමිවෙයි

0
378

මහබැංකුවේ අධිපති ලෙස පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට කැබිනට් අමාත්‍යවරයකුගේ බලතල ලැබෙන පරිදි මහබැංකු අධිපති තනතුරේ බලතල පුළුල් පරාසයකින් වැඩි කර තිබේ.


ඒ අනුව රාජ්‍ය ධූරාවලියේ මහබැංකු අධිපතිවරයා රටේ හයවැනි පුරවැසියා බවට පත්වන අතර ඔහුගේ බලතල පිලිවෙලින් ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය, විපක්ෂ නායක, ෆීල්ඩ් මාර්ෂල් යන තනතුරුවලට පසු රටේ ප්‍රබලම පුරවැසියා බවට පත්වන්නේ මහ බැංකු අධිපතිවරයා ය.

ඒ අනුව සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ වර්තමාන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට කැබිනට් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද හිමි වන අතර ඔහුගේ වැටුප්වල සිට සියලු පහසුකම්ද කිහිප ගුණයකින් වැඩිකර ඇති බව නිල නොවන රජයේ ආරංචි මාර්ගවලින් කියවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here