කොවිඩ් මරණවල ඉහළ යෑමක්

0
372

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

මෙලෙස මරණ ඉහළ ගියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් නිසා දැයි සොයා බලමින් සිටින බවද හෙතෙම සඳහන් කළා.

මරණ වැඩිවීම ගැන මේ මොහොතේ ස්ථිරව යමක් ප්‍රකාශ කිරීම කල් වැඩි බවත් කොවිඩ් මරණවල උච්චාවචනයන් සාමාන්‍යයෙන් සිදු විය හැකි බවත් ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව සංවාදයක් ඇති කර ගැනීම වැදගත් බව පැවසූ හේරත් මහතා මෙම මරණ ගැන වසංගත රෝග විද්‍යා අංශය විශ්ලේෂණයක් කර වාර්තාවක් ලබා දෙනු ඇතැයිද සඳහන් කළා.

අප නොදැනුවත්ව රෝගීන්ගේ වැඩිවීමක් සිදු වුණා දැයි සැකයක් මතුවන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

මේ තත්වය නිසා සෑම කෙනෙකුම දැඩි කල්පනාවෙන් සිටිය යුතු බව හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here