ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට සමාන්තරව පිහිටා ඇති ඇටමැස්ස කන්ද නායයාමේ දැඩි අවධානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය භූ ජල විද්‍යාඥ ආචාර්ය රංජන යූ.කේ. පියදාස පවසයි.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ පින්දූව සහ ඉමදුව අතර ප්‍රදේශයේ පිහිට ඇටමැස්ස කදුවැටිය අධිවේගී මාර්ගයට සමාන්තරව එම මාර්ගයේ සියවැනි සැතපුමත් එකසිය එක්වැනි සැතපුමත් අතර පිහිටා ඇත.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ ආනතිය මෙන්ම වෙනත් පාරිසරික කරුණු සළකා බැලීමේදී කොක්මාදුව ප්‍රදේශයෙදී මීට වසරකට පෙර නාය යාමට ලක්වූ ස්ථානයට වඩා මෙම ස්ථානයේ නාය යාමේ වැඩි අවධානමක් පවතින බවයි.
ඇටමැස්ස කදුයාය නාය යාමේ තත්ත්වය පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රංජන යූ.කේ. පියදාස –
මෙම ස්ථානය 2004 වසරේදි නාය යාමකට ලක්වූනා ප්‍රථම වතාවට. ඒ නාය යද්දි අප අධ්‍යනය කරලා තිබුනා මෙය නාය යමට හැකි ප්‍රදේශයක බවට. පසුව අධිවේගී මාර්ගය ඉදි කරීමේදි මෙම ස්ථානය සංරක්ෂණය කලා. නමුත් මෙසේ සංරක්ෂණය කල කොටසක් පවා මීට සති කීපයකට පෙර නැවතත් නාය යාමට ලක්වෙලා තියෙනවා.
මේ අවධානම් කදු වලල්ලේ මේ වන විටත් කලුගල් කැඩීම පවා සිදු වෙනවා. අපි එම ප්‍රදේශයත් නිරීක්ෂණය කරනු ලැබුවා. පැහැදිලිවම පෙනෙන්න තියෙනවා මෙහි නාය යාමක් ඇතිවීමේ ලක්ෂණ.
ගස්වල තියෙන හැඩය, දිය උල්පත් සිදී යාම, මෙහි දකින්න පුළුවන්. මීට පෙර අධිවේගී මාර්ගයේ කොක්මාදුව කියන ප්‍රදේශය නාය යාමකට ලක් වුනා. අපිට පැහැදිලිව කියන්න පුළුවන් මෙම ස්ථානයේ කොක්මාදුව ප්‍රදේශයට වඩා ඉතාම දරුනු නාය යාමක් සිදුවීමට වැඩි ඉඩක් තියෙන ප්‍රදේශයක් කියලා.
මේ ප්‍රදේශයේ ආනතිය ගත්තට පස්සේ අංශක හතලිස් පහට වඩා වැඩි ආනතියක් මේ ප්‍රදේශයේ පවතින්නේ. වර්ෂාවට කදු මුදුනින් මඩ වතුර තමයි ගලාගෙන එන්නේ. මේ කදු මුදුනේ විශාල ප්‍රමාණයේ ගල් කුට්ටි තියෙනවා.
මෙම ස්තානයේ නායයාමක් සිදු වුනහොත් වැඩිම බලපෑම තියෙන්නේ අධිවේගී මාර්ගයටයි. මෙම ස්ථානයේ තියෙන ගල් කැඩීමේ ස්ථාන පිළිඹදව දැඩි තීන්දුවක් ගත යුතුව තියෙනවා. නැත්නම් ඉදිරියෙදී නරක ප්‍රති විපාක වලට මුහුණදෙන්න සිදු වේවි.