වරායට කරපු එකම වරද කොමිස් ගහන්න දුන්නේ නැති එක -ඇමති අර්ජුන

0
411

වරාය හා නාවික අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු තමා වරායට වරදක් කළ බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

වරාය භාර ගැනීමෙන් පසු වංචනිකයන්ගේ හා දූෂකයන්ගේ පොකැට්ටුවලට යන කොමිස් මුදල් නවතා දමා සියලුම ආදායම් වරායට ලැබෙන ආකාරයේ වරද සිදුකිරීම නිසා තමාටත් පවුලේ අයටත් වෘත්තීය සමිති නායකයන් යැයි කියා ගන්නා කිහිපදෙනෙකු පහරපිට පහර ගසමින් සිටින බවද පවසා සිටියේය.

අද (22දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සිදුකළ වරද සිදුනොකළා නම් තමාට කිසිවෙකුගෙන් චෝදනා එල්ල නොවන බවය.

තමා භාර ගත්තේ දූෂණයෙන් වංචාවෙන් පිරී තිබූ වරායක් වුවත් තමන් වරාය අමාත්‍යාංශයෙන් යන්නේ වංචාව දූෂණය නැතිකර දමා පිරිසුදු වරාය ආයතනයක් ස්ථාපිත කර බවද සඳහන් කළේය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here