අභ්‍යන්තරයේ ගැටලු සාකච්ඡා කර විසඳා ගන්න

0
329

ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටලු සාකච්ඡා කර විසඳා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි

අභ්‍යන්තර ගැටලු මාධ්‍ය හමුවලදී විවේචනය කිරීම සුදුසු නොවන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ

කාබනික පොහොර වගා වැඩසටහන ජනතාව අනුමත කළ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වූවක් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here