මීලඟ ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතා පොදු අපේක්ෂාව බවට පත් කරන්න සියලු බලවේග එක්රැස් කර ගන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි .
එතුමා කියා සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හා හවුල්කාර පක්ෂත් එකට එක්ව යම් දැක්මක් හා කාළ රාමුවකට අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවයි .
බුද්ධික පතිරණ මහතා අවධාරණය කර සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට හෝ එජාපයට යන බවට විවිධ මධ්‍ය මගින් පුවත් නිර්මාණය කරන්නේ නැවත බලයට පැමිණිය නොහැකි දේශපාලන කණ්ඩායම් මගින් බවයි.