මෙරටට තවත් වෛද්‍ය පීඨයක්

0
308

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථිකය සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර තිබෙනවා.

මීට පෙර අදාළ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබූ අතර, ඒ සඳහා වන අරමුදල් ලබා දීමටයි කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත්තේ.

ඒ අනුව යෝජිත ව්‍යාපෘති සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 33.2ක් ලබාදීමට නියමිතයි.

එම මුදල් ලබාගැනීම සඳහා අදාළ ගිවිසුමට එළඹීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here