පූජිත්ට සහ හේමසිරිට එරෙහි නඩුව අවසන්

0
373

පාස්කු ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, එම නඩුව කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, මෙම චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වන බවයි.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය අවසන් කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here