ඉතාලියේදී ශ්‍රී ලාංකික මවක් දූලා දෙන්නා මරලා පැනලා ගිහින්

0
428

ඉතාලියේ වෙරෝනා හි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (26) උදෑසන දරුවන්ව ඝාතන කර 33 හැවිරිදි සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේද්‍ර මහවඩුගේ නමැති මෙම කාන්තාව පලාගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාව ඇගේ 3 සහ 11 හැවිරිදි දියණියන් වන සබඳි සහ සඳනි සමඟ ජනවාරි මාසයේ සිට එහි පදිංචිව සිට ඇත.

වැනීසියේ බාල වයස්කාර උසාවියේ නියෝගයකින් දරුවන් දෙදෙනා සිය පවුල වෙසෙන නිවසින් ඉවත් කළ යුතු බවට නියෝග කිරීමෙන් පසු දැරියන් දෙදෙනා පියාගෙන් ඉවත් වී මව සමඟ ජීවත් වී තිබේ.

අදාළ කාන්තාව පෝටෝ සැන් පැන්ක්‍රාසියෝ දිස්ත්‍රික්කයේ වෙරෝනා මහ නගර සභාවෙන් පාලනය වන තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක සිට ඇත.

එම ස්ථානයේ සේවය කරන අයෙකු විසින් ඊයේ උදෑසන 9ට පමණ සබාදි සහ සඳනිගේ මළසිරිරු සොයා ගෙන තිබේ.

එම ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයාගේ මූලික සොයාගැනීම්වලට අනුව සබඳ සහ සඳනි පසුගියදා මියගොස් ඇති බවත් ඔවුන්ගේ සිරුරුවල ප්‍රචණ්ඩත්වයේ කිසිදු සලකුණක් නොමැති බවත් සොයා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here