කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්න

0
343

කොල්ලුපිටිය නව වෙළද සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, කොළඹ මහනගර සභාවේ පක්ෂ නායකයින් සමඟ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදියි.

ආයෝජකයින් දිරිමත් කර සහ එහි පවතින ගැටලු සාකච්ඡා කරමින්, මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සියලු දෙනා එක්ව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

දැනට කොල්ලුපිටිය වෙළෙඳපල පවතින ස්ථානයේ මෙම සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අතර, එය පසුගිය මාර්තු 12 වන දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here