ආණ්ඩුව සම්බන්දයෙන් මටත් ප්‍රශ්න නැතුවා නොවේ -ඇමති රාජිත

0
395

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව තමාටද දැඩි ප්‍රශ්න පවතින බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

පසුගිය ආණ්‌ඩුව පරාජය කර මේ ආණ්‌ඩුව පිහිටුවනු ලැබුයේ පසුගිය වැරදිම නැවත කිරීමට නොවන බවද මේ ආණ්‌ඩුව සුවිශේෂී ආණ්‌ඩුවක්‌ බවට පත් කිරීමට බවද හෙතෙම කීය.ආණ්‌ඩුව වෙනස්‌ වුවත් රජය වෙනස්‌ නොවී එලෙසම පැවැතිය යුතු නැති බවත් මේ වෙනස කරන්න බැරිනම් ආණ්‌ඩුවෙන් වැඩක්‌ නැති බවත් ඇමැතිවරයා පැවැසීය.

ආණ්‌ඩුව පත් කළ සිවිල් සංවිධාන සිටින මතයේ තමාද සිටින බවකී ඇමැතිවරයා ආණ්‌ඩුව නිවැරදි මාවතේ රැගෙන යැමට සියලු දෙනා දැඩි වෙහෙසක්‌ ගන්නා බවත් ඊයේ (22 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සේනාරත්න මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here