තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද

0
319

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ මීළඟ කොටස බොහෝ දුරට අද දිවයිනට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

යම් හදිසි තත්ත්වයක් මතු වුව හොත් ගොවීන්ට අවශ්‍ය පළිබෝධනාශක සුදුසු පරිදි නිකුත් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය උදිත් ජයසිංහ සඳහන් කළේ.

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු කර ඇති චීන කාබනික පොහොර අඩංගු නෞකාව කිසිසේත් රට තුළට නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ ප්‍රකාශ කළා.

මෙවන් පසුබිමක් තුළ අප කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ කියා සිටියේ, මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ගොවීන්ට හැකි උපරිම සහාය ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here