උපාධියට වෙහෙසෙන රන්ජන් දෙස මානුෂිකව බලන්න

0
329

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ  එහි ගියේය.

රංජන් රාමනායක මහතා මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බැවින් ඒ සඳහා වටපිටාව සකස් කර දෙන්නැයි බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සානුකම්පිතව බලා රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස තමා කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දෙස බලා හෝ ඔහුට නිදහස ලබාදීමට මැදිහත් වන්නැයි තමන් අධිකරණ ඇමැතිවරයාගෙන්ද ඉල්ලා සිටින බව ද මෙහිදී විපක්‍ෂ නායකවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here