වැසි සමග ඩෙංගු අවධානම ඉහළට

0
332

වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළයාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කළේ මෙම මාසයේ ගත වූ දින 26 තුළ ඩෙංගු රෝගීන් දෙදහස් 228 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්.

ඒ අනුව මෙම මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 856ක් ගම්පහින් 476ක් සහ කලු‍තර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 209ක් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමත් සමඟ මේ වනවිට මීගමුව රෝහලේ ඩෙංගු සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ විශේෂ වාට්ටු 2ක රෝගීන්ගෙන් පිරී ඇති බවද සදහන්.

පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස ඇතුළු පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here