දන්ත රෝහලට එන විට එන්නත් කාඩ්පත රැගෙන එන්න

0
298

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර  ලබාගැනිමට පැමිණෙන සියලු දෙනා කොවිඩ්  මර්දන එන්නත ලබාගත් බවට තහවුරු කෙරෙන එන්නත්  කාඩ්පත  රැගෙන එන ලෙස  එහි අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා දැනුම් දෙයි.

රට විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයිද   මිගාර ඈපා මහතා පැවසුවේය.

රෝගීන්  දහසකට ආසන්න සංඛ්‍යාවක් දන්ත රෝහලට  දිනපතා පැමිණෙන බව රෝහල් ආරංචි  මාර්ග සඳහන් කරයි.

කොවිඩ්  වසංගත තත්වය නිසා රට වසා දැමීමත්  සමග සමහර රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුද කල් ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here