Saturday, September 21, 2024

චීන පොහොර නැව සමිබන්ධයෙන් මහින්දානන්ද හා ශෂීන්ද්‍ර මත දෙකක

චීන සමාගමක් විසින් මෙරටට රැගෙනවිත් තිබෙන කාබනික පොහොර තොගය සහිත නෞකාව මෙරටට ඇතුළු කර නොගන්නා බවත් එහි නිදර්ශක යළි පරික්ෂා කරන්නේ නැති බවත් ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු කරන්නේ නැති බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නමුත් මෙරට නිර්නායක යටතේ යලි ආනයනය කරන්නේ නම් ඒවා මුදල් ගෙවා බාර ගැනීමට සූදානම් බවත් ඔහු පැවසීය.

නැවත සාම්පල පරීක්ෂා කරන්නේ නව තොගයේ මිස ගෙනැවිත් ඇති තොගයේ නොවන බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඊට පෙර දින කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම පොහොර තොගය යලි පරික්ෂා කිරීමට ශ්‍රී ලංකාව සහ චීන සමාගම යන දෙපාර්ශවයම එකඟතාවකට එළැඹි බවයි.

අදාළ පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව චීන සමාගම දන්වා ඇති නිසා දෙපාර්ශ්වයම පිළිගත හැකි ආයතනයකට යොමුකර පරික්ෂා කිරීමට එකඟ වූ බවද ඔහු පැවසීය.

ඒ අනුව දෙපාර්ශ්වයම එකඟ වන තුන්වන පාර්ශ්වයක යොදා පරීක්ෂණ සඳහා අවස්ථාව දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා වූ බවද ඔහු පැවසීය.

කොළඹ චීන තානාපති කාර්යාලය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ තෙවන පාර්ශවයක් හරහා සිදුකරන පරීක්ෂණ වලින් පොහොර තොගය සමත් වුවහොත් කොන්දේසි විරහිතව මුදල් ගෙවා එය ගොඩ බා ගත යුතු බවත් එය අසමත් වුවහොත් සමාගම් විසින් එම පොහොර තොගය ආපසු රැගෙන යනු ඇති බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles