ශ්‍රීලංකාවේ දෛනිකව දුම් පානය කරන්නන්ගෙන් සියයට 03ක් පාසල් දරුවන් බවට අනාවරණය වී තිබේ.
2015 වසරේ සිදුකළ සංගණනයට අනුව මෙරට දුම් පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 23.4ක් බවට අනාවරණය වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වාදෙයි.
2020 දුම්වැටියෙන් තොර ශ්‍රි ලංකාවක් යන්න තේමා කරගනිමින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
දුම් කොළ මානව සම්පත විනාශ කිරීමට පැමිණි ඛේදවාචකයක් ලෙස තමා හඳුන්වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව 20 වන ශතවර්ෂය තුළ දුම්කොළ භාවිතය හේතුවෙන් මරණ මිලියන සියයක් සිදුව ඇති බව පාලිත මහීපාල මහතා කියා සිටියේය.
දුම්කොළ භාවිතයෙන් ලොව පුරා වාර්ෂිකව මිය යන සංඛ්‍යාව මිලියන 06ක් වන අතර දුම් පානය කරන්නන් අසළ සිටීමෙන් වාර්ෂිකව ලක්ෂ 06ක පමණ පිරිසක් මිය යන බව ඔහු පෙන්වාදෙයි.
මෙම ඛේදවාචකය සමාජයෙන් ඉවත් කර දුම්කොළ වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලආරච්චි මහතා පවසයි.