Monday, November 18, 2024

ඉතිරි රසායනික පොහොර ටික නිදහස් කළාට ස්තුතියි

මේ වන විට රසායනික පොහොර ආනයනය තහනම් කර තිබුණ ද, එම තහනම පැනවීමට පෙර මෙරටට ආනයනය කර, ඉතිරි වී තිබූ යූරියා මෙට්‍රික් ටොන් 5000ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් හට ලබාදීමට අවශ්‍ය පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාර්යාල පරිශ්‍රයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම කටයුත්ත ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සිදු වූ බවයි.

රට තුළ රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන්, පොහොර නොමැතිව දිවයිනේ බොහෝ ගොවීන් අසීරුතාවට පත්ව සිටියා.

එවන් තත්ත්වයක් තුළ රසායනික පොහොර තහනම් කර තිබුණ ද, තහනමට පෙර මෙරටට ගෙන්වන ලද රසායනික පොහොර නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සමග, එම ඉතිරිව තිබූ පොහොර තොගයක් මෙලෙස තම දිස්ත්‍රික්කයේ බොහෝ අසීරුතාවට ලක්ව සිටි බඩඉරිඟු ගොවීන්ට ද ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මෙම කන්නයට පමණක් ඉති‍රිව තිබූ රසායනික පොහොර තොගයෙන් බඩඉරිඟු ගොවීන්ට මෙවර කන්නය සාර්ථක කර ගැනීමට හැකි බවත්, ඉදිරියේදී කාබනික පොහොර ඒ සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles