වර්තමානයේ රජය කෙරේ ජනතාව තුල මතුව ඇති අප්‍රසාදය තාවකාලික බවත් පැවති යුද්ධය හා රට තුලට පැමිණි කොරෝනා උවදුර මැඩළු ආකාරයට මෙම අප්‍රසාදය ජයග්‍රහණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ඇති බවට තමන් තුල දැඩි විශ්වාසයක් පවතින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයේදී පවසා සිටියේ උතුරු මුහුදේ ඉන්දියාවේ ධීවරයින් විසින් සිදු කරනු ලබන ධීවර කටයුතු හා ආක්‍රමණයන් නතර කිරීමට ගන්නා තීන්දු වලදී ඉන්දියාව සමග ගැටළු ඇති කර ගත්තද උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට ජනාධිපති හා අග්‍රාමාත්‍වරයා පූර්ණ සහයෝගය ලබා දී ඇති බවයි.
ඉදිරියේදී රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මඩකලපුවේ තිබෙන ගැටළු වලට විසදුම් ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය.
වර්තමාන විපක්ෂ නායකතුමන් නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ මඩකලපුවේ ඉදිකල නිවාස ව්‍යාපෘතිය අතරමග නතර වී ඇති බවත් ඔහු රටේ ජනතාව මුලා කරමින් නිවාස සාදන මුවාවෙන් භාණ්ඩාගාරය හිස් කර තිබෙන බවත් දේවානන්දා මහතා පැවැසීය. ඉදිරි අයවැයෙන් මෙම නිවාස ව්‍යපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.