Monday, November 18, 2024

කාබනික පොහොර ගැන අලුත් පාර්ලිමේන්තුවේදී බොරු කියූ බවට පාදෙණියට චෝදනා

දෙරණ රූපවාහිනයේ පැවති සංවාදෙයේදි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා අවස්ථා කිහිපයකදි විද්‍යාත්මක නොවන බොරු කියු බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුවට සංවාදට වෛද්‍ය පාදෙනිය, මහාචාර්ය ප්‍රියන්ත යාපා ඇතුලු විද්වතුන් 5දෙනෙකු සහභාගී වූහ.

එහිදි මුල සිට රජයේ කාබනික පොහොර වැඩපිලිවෙලට ජනාධිපතිතුමාට උපදෙස් දුන් විද්වතුන් 3 දෙනෙක් පෙනී සිටියේය.

කෘෂිකර්මාන්තයට අදාලව මෙම වැඩපිළිවෙළ එකවර කිරිම මෙන්ම ‍රසායනික පොහොර යනු වෛද්‍ය පාදෙණිය මහතා විසින් විද්‍යාත්මකව වස විස ලෙස පෙන්වා දුන් කරුණු ප්‍රායෝගික නොවන බව ප‍්‍රති මත දැක්වූ අය පැවසූහ.

මෙහිදී අචාර්ය වර්ශි දන්දෙණිය මහත්මිය විසින් වෛද්‍ය පාදෙණිය මහතාට කිහිපවරක්ම පවසා සිටියේ තමන් නොදන්නා සහ විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකරන ලෙසයි.

එහෙත් වෛද්‍ය පාදෙණිය මහතා ලංකාව පින් පොලොවක් යයි පවසමින් විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි කරුණු ගෙන හැර දක්වමින් තර්ක කිරිම තුලින් ඔහු විවාදය ජයගැනිමට උත්සහ කළේ යයි සමාජ ජාලවල චෝදනා එල්ල වෙයි.

එමෙන්ම මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා කියා සිටියේ කාබනික පොහොර රසායනික පොහොරවලට වඩා මිල ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් රජයකට දෙශීයව කාබනික පොහොර නිපදවා ආහාර නිෂ්පාදනය වාසි සහගත බවය.

රසායනික පොහොර ගෙන ඒමට වඩා සම්පුර්ණයෙන්ම රටට අවශ්‍ය හාල් ඇතුලු ආහාර පිටරටින් ගෙන ඒම හෝ පිටරටවලට ගොස් කැම කාලා මෙරටට පැමිනිම මේ අවස්ථාවේදි රටේ ආර්ථිකයට ලාබ බවත් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles