විදෙස් රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, එය රසායනික පොහොර ගෙන්වීමට වඩා භයානක තත්ත්වයක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ කාබනික පොහොර මෙරට ගොවීන්ට නිෂ්පාදනය කිරීමට හැකි අතර, ඒ සඳහා තාක්ෂණික දැනුම සහ මූල්‍ය ආධාර ලබාදිය යුතු බවයි.