අවස්ථා දෙකකදී මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් කිරීමට කටයුතු කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, තුන්වන වතාවටත් පක්ෂය පරාජයට පත් කිරීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය පරාජය වන තැනට හිටපු අමාත්‍යවරයා කටයුතු කළ බවත් එලෙස සිදුවු පරාජය නිසා අගෝස්තුවේදී පැවති මැතිවරණයත් පරාජයට පත්වු බවද පවසා සිටියේය.
මීට අමතරව මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා මුලික කර ගනිමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනත් බලවේගයක් සකස් කිරීමටත් සැලසුම් කරමින් සිටින බවත් ඔහු උත්සහ කරමින් සිටින්නේ තුන්වන වතාවට පක්ෂය පරාජයට උරුම කර දීමට බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය. පක්ෂය කඩාගෙන ගියපු කිසිවෙකුටත් අනාගතයක් නොමැති බවද පවසා සිටියේය.